නොකා නොබී දවස පුරා
කුසගින්නක් නැති විලසට
වැඩක් නොකර නිකන් වැටී
මං ආශයි නිදාගන්න
ලෝකය යන අත යද්දෙන්
කිසිවක් නොපෙනෙන විලසට
දෑස වසා දවස පුරා
මං ආශයි නිදාගන්න
අව්ව වැස්ස ඕනි එකක්
සුළං හමාගෙන යද්දෙන්
කිසිදු දෙයක් නොදුටු විලස
මං ආශයි නිදාගන්න
විදුලි කොටා හෙණ පුපුරා
ලෝකය උඩු යටිකුරු වී
මොන මොන දේ සිද්ධ වුණත්
මං ආශයි නිදාගන්ග..
දවස් ගණන් මාස ගණන්
අවදි නොවී එක දිගටම
මුඵ ලොව අමතක කරමින්
මං ආශයි නිදාගන්න..
නිදාගනින් නිදාගනින්
ReplyDeleteඅවදිනොවී එක දිගටම
නිදානොගෙන අවදිවෙලා
කුමක් කරන්නද දැන් අපි...
ඔය සැම දේ කරන අයත්
ReplyDeleteඇහැරන් ඉන්නව සිතුවත්
උන් ඔක්කම නිදියි කියලා
උන් දන්නෙත් නැහැ
අපි දන්නෙත් නෑ
ඇස් ඇරගෙන නිදාගන්න , අය අතරේ , ඇස් පියාන සිහින දකින්නෙක් වෙන එක හොඳයි වගේ..
හෙහ්, හෙහ්.......මමත් කැමතිම දෙයක්.......දොයියන එක,
ReplyDeleteමම කවුරුවත් ඇහුවොත් කියන්නෙ නිදියනව කියල නෙවෙයි....." අලස සුවය විඳින්නෙමි" කියලයි. එතකොට ඒකෙ තියනව අමුතුම ගතියක්.....නැද්ද හා...?
මුළු ලෝකෙම අමතක කර
ReplyDeleteමමත් ආස නිදාගන්න
එහෙම හිතන තවත් අයත්
ඇති බව ආසයි දකින්න
වගකීමක් හිතේ බරක්
නැති නිදහස් සතුට පිරුණ
නින්දෙහි සුව කියන මියුරු
කවි පෙල හරි අගෙයි ඔන්න
හා හා නිදාගනිං නිදා ගනිං
ReplyDeleteනැගිටිනකොට මටත් කියපං.. :D
මෙහේම නිදාගන්නනම් සෑහෙන්න නිදිපෙති බොන්න වෙයි
ReplyDeleteආසයි මම පියාඹන්න වගේ :D
ReplyDeleteදැන් ඉතින් වෙන කුමක් කරන්නද.....??????
ReplyDeleteකන පැලෙන්න නිදා ගන්නවා හැර........
උඹ නෙමෙයි බන් කවුරුත් ආසයි නිදාගන්න...
නමුත් මේ එයට කාළය නොවේ.....
ඕක තමා ලංකාව හෙනේට ඉඳලා තියෙන්නෙ ....
ReplyDeleteදොයි දොයි දොයි දොයිය බබා
ReplyDeleteබයි බයි බයි බයිය බබා
අපට පුතේ මඟක් නැතේ
හොඳට නිදාගන්න පුතේ
මැණික්
එක දිගට ඇඳේ හිටියොත් නැගිට්ටාම ඇවිදින්න බැරි වෙනවා.
ReplyDeleteමේක කියපු තව උන්දෙක්
ReplyDeleteමෙන්න මෙතන ඇත බලන්න
http://www.youtube.com/watch?v=jY1RoGn1qqU
තේරෙන්නේ නෑ වගෙනම්
මේන්න මේකත් බලන්න
http://living.hartstuff.com/2010/10/draft_3475.html
මුළු ලෝකෙම අමතක කර
නිදාගන්න එවුන් නිසා
හෙන වදින්නෙ නම් නෑමයි
අවදි එවුන් නිසා තරම්
එකිනෙකාව මරාගෙනත්
ReplyDeleteමැති සබේට යැවුව උනුත්
එකේ ඉන්නේ නිදාගෙනයි
එකනේ රට ගිනි අරගෙන ?
එහෙවු එකේ හිත ජොලියට
උඹ නිදියාගනින් පුතේ
දැකපන් හොඳ හීන එහෙම
හැබෑ වේවි කවදාහරි.
දවස් ගණන් මාස ගණන්
ReplyDeleteඅවදි නොවී එක දිගටම
මුඵ ලොව අමතක කරමින්
මං ආශයි නිදාගන්න..
හ්ම්ම්.
මාත් ආසයි අප්පා.......... ඒත් දවල්ට නිදා ගත්තහම හවසට ඇහැරෙනකොට........ හපොයි එපා වෙනවා..... මොකද්ද මොකද්ද වගේ ඒ වෙලාවට........... ඒත් මොකද නේද නින්ද තරම් ෂැපක් කොහිද? :D
ReplyDeleteමට නම්..රෑට..ඇදට යන පමාව විතරයි..
ReplyDeleteඅගේට නින්ද යනවා...ඒ වගේම හොදට හීනත් පේනවා...
හැබැයි...අවේලාවට නිදියන එකනං..අරහං.
එහෙම නිදාගන්නේ කොහොමද බොල.. උතුරින් හැඩි දෙමළු.. දකුණින් ගොළු මුහුද.. හෙහ්.. හෙහ්.. ඔය කිව්වට මමනම් කැමතිම නිදාගන්ට...
ReplyDelete