Saturday 2 July 2011

කම්මැලිකමට නොවේ..



නොකා නොබී දවස පුරා
කුසගින්නක් නැති විලසට
වැඩක් නොකර නිකන් වැටී
මං ආශයි නිදාගන්න

ලෝකය යන අත යද්දෙන්
කිසිවක් නොපෙනෙන විලසට
දෑස වසා දවස පුරා
මං ආශයි නිදාගන්න

අව්ව වැස්ස ඕනි එකක්
සුළං හමාගෙන යද්දෙන්
කිසිදු දෙයක් නොදුටු විලස
මං ආශයි නිදාගන්න

විදුලි කොටා හෙණ පුපුරා
ලෝකය උඩු යටිකුරු වී
මොන මොන දේ සිද්ධ වුණත්
මං ආශයි නිදාගන්ග..

දවස් ගණන් මාස ගණන්
අවදි නොවී එක දිගටම
මුඵ ලොව අමතක කරමින්
මං ආශයි නිදාගන්න..


17 comments:

  1. නිදාගනින් නිදාගනින්
    අවදිනොවී එක දිගටම
    නිදානොගෙන අවදිවෙලා
    කුමක් කරන්නද දැන් අපි...

    ReplyDelete
  2. ඔය සැම දේ කරන අයත්
    ඇහැරන් ඉන්නව සිතුවත්
    උන් ඔක්කම නිදියි කියලා
    උන් දන්නෙත් නැහැ
    අපි දන්නෙත් නෑ

    ඇස් ඇරගෙන නිදාගන්න , අය අතරේ , ඇස් පියාන සිහින දකින්නෙක් වෙන එක හොඳයි වගේ..

    ReplyDelete
  3. හෙහ්, හෙහ්.......මමත් කැමතිම දෙයක්.......දොයියන එක,

    මම කවුරුවත් ඇහුවොත් කියන්නෙ නිදියනව කියල නෙවෙයි....." අලස සුවය විඳින්නෙමි" කියලයි. එතකොට ඒකෙ තියනව අමුතුම ගතියක්.....නැද්ද හා...?

    ReplyDelete
  4. මුළු ලෝකෙම අමතක කර
    මමත් ආස නිදාගන්න
    එහෙම හිතන තවත් අයත්
    ඇති බව ආසයි දකින්න

    වගකීමක් හිතේ බරක්
    නැති නිදහස් සතුට පිරුණ
    නින්දෙහි සුව කියන මියුරු
    කවි පෙල හරි අගෙයි ඔන්න

    ReplyDelete
  5. හා හා නිදාගනිං නිදා ගනිං
    නැගිටිනකොට මටත් කියපං.. :D

    ReplyDelete
  6. මෙහේම නිදාගන්නනම් සෑහෙන්න නිදිපෙති බොන්න වෙයි

    ReplyDelete
  7. ආසයි මම පියාඹන්න වගේ :D

    ReplyDelete
  8. දැන් ඉතින් වෙන කුමක් කරන්නද.....??????

    කන පැලෙන්න නිදා ගන්නවා හැර........

    උඹ නෙමෙයි බන් කවුරුත් ආසයි නිදාගන්න...
    නමුත් මේ එයට කාළය නොවේ.....

    ReplyDelete
  9. ඕක තමා ලංකාව හෙනේට ඉඳලා තියෙන්නෙ ....

    ReplyDelete
  10. දොයි දොයි දොයි දොයිය බබා
    බයි බයි බයි බයිය බබා
    අපට පුතේ මඟක් නැතේ
    හොඳට නිදාගන්න පුතේ
    මැණික්

    ReplyDelete
  11. එක දිගට ඇඳේ හිටියොත් නැගිට්ටාම ඇවිදින්න බැරි වෙනවා.

    ReplyDelete
  12. මේක කියපු තව උන්දෙක්
    මෙන්න මෙතන ඇත බලන්න
    http://www.youtube.com/watch?v=jY1RoGn1qqU
    තේරෙන්නේ නෑ වගෙනම්
    මේන්න මේකත් බලන්න
    http://living.hartstuff.com/2010/10/draft_3475.html

    ‍මුළු ලෝකෙම අමතක කර
    නිදාගන්න එවුන් නිසා
    හෙන වදින්නෙ නම් නෑමයි
    අවදි එවුන් නිසා තරම්

    ReplyDelete
  13. එකිනෙකාව මරාගෙනත්
    මැති සබේට යැවුව උනුත්
    එකේ ඉන්නේ නිදාගෙනයි
    එකනේ රට ගිනි අරගෙන ?
    එහෙවු එකේ හිත ජොලියට
    උඹ නිදියාගනින් පුතේ
    දැකපන් හොඳ හීන එහෙම
    හැබෑ වේවි කවදාහරි.

    ReplyDelete
  14. දවස් ගණන් මාස ගණන්
    අවදි නොවී එක දිගටම
    මුඵ ලොව අමතක කරමින්
    මං ආශයි නිදාගන්න..

    හ්ම්ම්.

    ReplyDelete
  15. මාත් ආසයි අප්පා.......... ඒත් දවල්ට නිදා ගත්තහම හවසට ඇහැරෙනකොට........ හපොයි එපා වෙනවා..... මොකද්ද මොකද්ද වගේ ඒ වෙලාවට........... ඒත් මොකද නේද නින්ද තරම් ෂැපක් කොහිද? :D

    ReplyDelete
  16. මට නම්..රෑට..ඇදට යන පමාව විතරයි..
    අගේට නින්ද යනවා...ඒ වගේම හොදට හීනත් පේනවා...

    හැබැයි...අවේලාවට නිදියන එකනං..අරහං.

    ReplyDelete
  17. එහෙම නිදාගන්නේ කොහොමද බොල.. උතුරින් හැඩි දෙමළු.. දකුණින් ගොළු මුහුද.. හෙහ්.. හෙහ්.. ඔය කිව්වට මමනම් කැමතිම නිදාගන්ට...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.