උඹ තවම පොඩි එකා වෙච්චි
කාගෙවත් ඉගැන්නුම් බහට
ලෝකයා ඉදිරියේ
කටමැත දොඩන්න
අයිතියක් උඹට නැත
ක්‍රිකට් බලධාරියෝද
දේශපාලක උතුමෝද
දෙවර්ගයක් බව
උඹ පිළිගත යුතුව ඇත
කුරා කුහුඹුවෙකුට
වරදක් නැති
මලෙන් උපන් කුමාරවරු
රට හොබවන කල
උඹට ඉරිසියයි නේද
උඹ දන්න ක්‍රිකට්
ද්‍රෝහියා..
හිනාවෙයන් පුතේ
ReplyDeleteආඩම්බර වෙයන්
යුක්තියේ දේශයේ
සත්‍යයේ දේශයේ
වීරයන්ට දෙන නම ද්‍රෝහියා..
මේ කේස් එක මොකක්ද?... මේ දවස් වල වටපිටාව ගැන දැනුම 0යි...
ReplyDelete@සරත්: +1
ReplyDeleteවිදෙස් හස්තයක් ඇති පිටු පස්සේ!
ReplyDeleteසමහරවිට ඇන්ජීයෝ ඩොලර් ද දන්නෙත් නෑ.
ඕක ඇත්තටම සංගා කිව්වාද, නැත්තං ජේඩීඑස් එකෙන් දීලා, චැනල් ෆෝ එකෙන් හඬ කැව්වද?
බැංකි මූන් බංග වේවා!
ජෙනරාල් තුමාට වඩා වාසනාව පෑදේවා!
ReplyDeleteසත්‍යය ලොව කෙදිනක හෝ ජය ගන්නවාමයි...
ReplyDeleteඑතෙක්....!!!!!!!!!!!!!
මිනිස්සුන්ට ඇත්ත කතා කරන්නත් දැන බලධාරින්ගෙන් අවසර ගන්න වෙලා. මේක මහ පුදුම රටක් නෙව !!!!
ReplyDeleteසංගා ද්‍රෝහියෙක් කරන්න කලින්
ReplyDeleteහිතන්න වෙයි කරන්න යන උන්ට
මොනව නොදැනුනත් ලංකාවට
ක්‍රිකට් දැණෙනවා බොක්කට
ඒත්... දැණෙන තැන් ගෙවා දාන්න
හපන් උන් රට කරවන්නෙ හැමදාම
ඔකත් කජ්ජක්ද ඉතිං
කෙලින්නට උවමනා වූ විට
මොනා කරන්නද ඉතිං....
ReplyDeleteමට බය සංගටත් වැඩේ දෙයිද කියලා...
ReplyDeleteඅන්තිමට වෙන්න ඕක තමයි ඉතිං
ReplyDelete@ hare :-) කිව්වත් වගේ ඕවා මොනවද?
ReplyDeleteමේක ලංකාව. මේක ඇතුලේ බලයේ ඉන්න ආණ්ඩුව කැමති ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.
නිකමට හිතන්න යුද්දෙ ඉවර වෙන්න සති දෙක තුනකට කල...ින් පොන්සේකා හිරේ යනවා කියලා නාථ දෙවියො වත් කිව්වනං අපේ උං දේවාලෙත් කුඩු කරන්න තිබුනා. දැං අපූරුවට ඔය හිරේ ඉන්නෙ. උන්නැහේ හිරේ දාපු ආණ්ඩුව තුනෙන් දෙකකුත් දුන්නෙ?
කෝටුවකින් දක්කගෙන යන පිරිසකුයි, ජනතාවකුයි අතර බරපතල වෙනසක් තියෙනවා.
සංගා ද්‍රෝහියෙක් කරන එක කොහොමටත් කරනවාමයි.බලන් ඉන්න තියෙන්නේ මේක කාගේ කුමන්ත්‍රණයක්ද කියලා ඔය මලෙන් උපන් කුමාරවරු හෙලිදරව් කරනකම්.
ReplyDeletehttp://lankapriyagesithivili.blogspot.com/2011/06/blog-post_29.html#comments
ReplyDeleteසංගක්කාර පවුලේ උදවියත් එක්කම නං ගියෙ ඔය කතාව පවත්තන්න, කට්ටියම එහෙ නවතුනානන් ඇඟට ගුනය් වගෙ.
ReplyDeleteඅනේ මන්දා
ReplyDelete"ද්‍රෝහියා" ද "වීරයා" ද මේ රටේ අර්ථකතනය වන්නේ අවස්ථාවාදීවය.
ReplyDeleteමැණික්
කට වහගෙන සිටින දහසක් මැද කට අරින එකාට දෙය්යන්ගෙම පිහිටයි.
ReplyDeleteකවිය ගැන කිව්වොත්, කියන්නට ඕනෑ දේ කෙළින්ම කියා ඇත.
නියමෙට ලියලා තියනවා ........
ReplyDeleteකියන්න වදන් නැත ........
පණ්ඩිතයා වගේ
ReplyDeleteමුළු ලෝකයක් ඉස්සරහා
අපේ රටේ අභිමානයට
තර්ජනය කලාට
අච්චු කරන්නම ඕනෑ
උඹට