Wednesday 6 July 2011

අපි නොදන්න ක්‍රිකට්



උඹ තවම පොඩි එකා වෙච්චි
කාගෙවත් ඉගැන්නුම් බහට
ලෝකයා ඉදිරියේ
කටමැත දොඩන්න
අයිතියක් උඹට නැත

ක්‍රිකට් බලධාරියෝද
දේශපාලක උතුමෝද
දෙවර්ගයක් බව
උඹ පිළිගත යුතුව ඇත

කුරා කුහුඹුවෙකුට
වරදක් නැති
මලෙන් උපන් කුමාරවරු
රට හොබවන කල
උඹට ඉරිසියයි නේද

උඹ දන්න ක්‍රිකට්
ද්‍රෝහියා..


20 comments:

  1. හිනාවෙයන් පුතේ
    ආඩම්බර වෙයන්
    යුක්තියේ දේශයේ
    සත්‍යයේ දේශයේ

    වීරයන්ට දෙන නම ද්‍රෝහියා..

    ReplyDelete
  2. මේ කේස් එක මොකක්ද?... මේ දවස් වල වටපිටාව ගැන දැනුම 0යි...

    ReplyDelete
  3. @සරත්: +1

    ReplyDelete
  4. විදෙස් හස්තයක් ඇති පිටු පස්සේ!
    සමහරවිට ඇන්ජීයෝ ඩොලර් ද දන්නෙත් නෑ.
    ඕක ඇත්තටම සංගා කිව්වාද, නැත්තං ජේඩීඑස් එකෙන් දීලා, චැනල් ෆෝ එකෙන් හඬ කැව්වද?
    බැංකි මූන් බංග වේවා!

    ReplyDelete
  5. ජෙනරාල් තුමාට වඩා වාසනාව පෑදේවා!

    ReplyDelete
  6. සත්‍යය ලොව කෙදිනක හෝ ජය ගන්නවාමයි...
    එතෙක්....!!!!!!!!!!!!!

    ReplyDelete
  7. මිනිස්සුන්ට ඇත්ත කතා කරන්නත් දැන බලධාරින්ගෙන් අවසර ගන්න වෙලා. මේක මහ පුදුම රටක් නෙව !!!!

    ReplyDelete
  8. සංගා ද්‍රෝහියෙක් කරන්න කලින්
    හිතන්න වෙයි කරන්න යන උන්ට
    මොනව නොදැනුනත් ලංකාවට
    ක්‍රිකට් දැණෙනවා බොක්කට

    ඒත්... දැණෙන තැන් ගෙවා දාන්න
    හපන් උන් රට කරවන්නෙ හැමදාම
    ඔකත් කජ්ජක්ද ඉතිං
    කෙලින්නට උවමනා වූ විට

    ReplyDelete
  9. මොනා කරන්නද ඉතිං....

    ReplyDelete
  10. මට බය සංගටත් වැඩේ දෙයිද කියලා...

    ReplyDelete
  11. අන්තිමට වෙන්න ඕක තමයි ඉතිං

    ReplyDelete
  12. @ hare :-) කිව්වත් වගේ ඕවා මොනවද?
    මේක ලංකාව. මේක ඇතුලේ බලයේ ඉන්න ආණ්ඩුව කැමති ඕනෙම දෙයක් වෙන්න පුළුවන්.

    නිකමට හිතන්න යුද්දෙ ඉවර වෙන්න සති දෙක තුනකට කල...ින් පොන්සේකා හිරේ යනවා කියලා නාථ දෙවියො වත් කිව්වනං අපේ උං දේවාලෙත් කුඩු කරන්න තිබුනා. දැං අපූරුවට ඔය හිරේ ඉන්නෙ. උන්නැහේ හිරේ දාපු ආණ්ඩුව තුනෙන් දෙකකුත් දුන්නෙ?

    කෝටුවකින් දක්කගෙන යන පිරිසකුයි, ජනතාවකුයි අතර බරපතල වෙනසක් තියෙනවා.

    ReplyDelete
  13. සංගා ද්‍රෝහියෙක් කරන එක කොහොමටත් කරනවාමයි.බලන් ඉන්න තියෙන්නේ මේක කාගේ කුමන්ත්‍රණයක්ද කියලා ඔය මලෙන් උපන් කුමාරවරු හෙලිදරව් කරනකම්.

    ReplyDelete
  14. http://lankapriyagesithivili.blogspot.com/2011/06/blog-post_29.html#comments

    ReplyDelete
  15. සංගක්කාර පවුලේ උදවියත් එක්කම නං ගියෙ ඔය කතාව පවත්තන්න, කට්ටියම එහෙ නවතුනානන් ඇඟට ගුනය් වගෙ.

    ReplyDelete
  16. අනේ මන්දා

    ReplyDelete
  17. "ද්‍රෝහියා" ද "වීරයා" ද මේ රටේ අර්ථකතනය වන්නේ අවස්ථාවාදීවය.
    මැණික්

    ReplyDelete
  18. කට වහගෙන සිටින දහසක් මැද කට අරින එකාට දෙය්යන්ගෙම පිහිටයි.
    කවිය ගැන කිව්වොත්, කියන්නට ඕනෑ දේ කෙළින්ම කියා ඇත.

    ReplyDelete
  19. නියමෙට ලියලා තියනවා ........
    කියන්න වදන් නැත ........

    ReplyDelete
  20. පණ්ඩිතයා වගේ
    මුළු ලෝකයක් ඉස්සරහා
    අපේ රටේ අභිමානයට
    තර්ජනය කලාට
    අච්චු කරන්නම ඕනෑ
    උඹට

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.