Thursday 22 September 2011

ඔඵවේ ගැඹුරක සිට..



මේ ශරීරය තුළ මම ඉන්නෙ ඔඵව ඇතුළේ යම් තැනක බව පළමු වතාවට මට වැටහී ගියේ අදයි. ඔව් එක වරම මට දැනී ගියා ඇත්තටම මම ඉන්නෙ ඔඵව ඇතුළෙ හිර වෙලා කියල. එතකොට ඉස්සරනම් කකුල් වල, කඳේ, අත්වල, බෙල්ලෙ මම ඉන්න බව මම හිතාගෙන හිටිය. ඒත් කකුල් වල මම නෑ. ක‍ඳේ බඩේ, අත්වල මම නෑ. බෙල්ල හරියෙත් මම නෑ. ඒව නිකම්ම ඇටකටු, මස් වැදැලි විතරයි රුධිර නාල, ස්නායු නාල ‍ගොන්නක් දරාගෙන ඉන්න.


මට දැන් විශ්වාසයි ඔඵව ඇතුළෙ යම් තැනක තමයි මම හිර වෙලා ඉන්නෙ කියල. මට ඕනි වෙලා තියෙනව ඒ ඔඵවෙ හිරවෙලා ඉන්න මාව එළියට ඇදල අරන් කොයි වගේ එකෙක්ද කියල බලන්න. ඒක කරන්න පුඵවන් වුණොත් මට විශ්වාසයි මම ඇටකටු ‍ගොඩක්, මස් ගොඩක්, රුධිර ස්නායු නාල ගොඩක් වෙන්නෙ නෑ කියල. මට තවම හිතා ගන්න බෑ ඒ දේවල් නැති මම කොයි වගේ කෙනෙක් වෙයිද කියල.

මේ විචිත්‍ර ශරීර අපි නොදන්නා, අපිට නොපෙනෙන කිසිවෙක් නිර්මාණය කරද්දි අපි ඒවගෙ ඔඵ වලට රිංග ගත්ත ගන්ධබ්බයෝ කොටසක්. හරියට වේයො හදන තුඹස් වලට රිංගල පදිංචි වෙන නයි වගේ. පරණ රජවරු හරියටම හරි. බෙල්ලෙන් ඔඵව එක කඩු පහරකින් වෙන් කළාම ඔඵ වලට රිංගගෙන ඉන්න මේ සත්තු බෙල්ලේ සිදුරෙන් එළියට පැනල යනව ඇති. මේ සත්තු ඉන්නෙ ඔඵවෙ බව මට දැන් විශ්වාසයි. ඔඵව කුඩු කළාට පස්සෙ එකෙක්වත් ආයෙත් ඒ ඔඵවල හොයා ගන්න නෑ කියල අවිඥානිකව වුණත් අනෙක් ඔඵවල ඉන්න උන් දැනගෙන ඉඳල තියෙනව අතීතයේ සිටම.

ඒත් මට අවශ්‍ය වෙලා තියෙනව බෙල්ල කපා ගන්නෙ නැතිව ඔඵව කුඩු කරගන්නෙ නැතිව ඒකෙන් එළියට එන්න. එතකොට මට පුඵවන් වෙයි මම නැති විට මේ ඔඵව කොහොම හැසිරෙයිද කියල බලා ගන්න.

කොහොම වුණත් අහක යන ඔඵ වලට රිංගාගත් සත්තු හරිම විකාරයි. උන් ඒවගෙ ඉඳගෙන අත් පා, කඳ බඩවල් වෙනුවෙන් අසීමිතව පෙනී ඉන්නව. ඒ ඇටකටු, මස් ගොඩවල්, ඇතුළෙ දුවන එක එක රතු පාට ලෙයින් පෙඟුන වැල් ගොඩවල්, මඵ ගොඩවල් පුරවන්න ඔඵ තුළ ඉඳගෙන පිස්සු නටනව.
අනෙක් ඔඵගෙඩි වල ඉන්න එවුන් පාලනය කරන්න හදනව. ඒ මොකටද තමන් ඉන්න ඔඵව දරාගෙන ඉන්න කඳේ තියෙන අර ජරා ගොඩවල් වෙනුවෙන්. උන්ට අමතක වෙලා උන් මේ ඔඵවකට රිංග ගත්ත පරපෝෂිත නිවට සත්තු කොටසක් කියල. තමන්ටම කියල හැඩයක් නැති, තමන් කොයි වගේද කියලවත් නොදන්න අමනයන් කොටසක් බව උන්ට අමතක වෙලා ගිහින්.

ඔව් අද උදේ වෙනකම් මමත් එහෙම තමයි. කොයි වගේ එකෙක්ද කියලවත් තවම නොදන්න මම මේ ඔඵ ගෙඩියෙ යම් තැනක හිරවෙලා ඉන්නව කියල මට දැනෙනකම් මම නිවටයෙක්, අමනයෙක් වුණා. විකාරූපී උමතුවක් සමග ජීවත් වුණා.

ඇත්තෙන්ම මට දැන් මේක අඩුම ගාණෙ මෙච්චර කල් මා එක්ක හිටිය ඔයාටවත් කියන්න බෑ. මොකද මම ඔයාට ආදරෙයි කිව්වනම්, ඔයා එක්ක සැනසීමෙන් ජීවත් වෙනව කිව්වනම් ඒ ඔක්කොම උමතුවෙන් දොඩවපු දේවල් විතරක් කියල දැන් මම දන්නව. ඔය ඔඵ ගෙඩිය තුළ කොයි තැනක හෝ ඔයත් හිරවෙලා ඉඳගෙන සියල්ල පාලනයට ගන්න හදන බව මම දන්නව. මෙච්චර කල් සමීපව දැක්ක ඔයාව මට දැන් ඡායාවක් විදියටවත් දකින්න බැරිවෙලා. ඒ මොකද මට ඔයාව පෙනෙන්නෙ නෑ. ඔයා පාලනයට ගත්ත ශරීරයක් විතරයි දැන් මට පේන්නෙ. ඒකෙ උඩම තියෙන ඔඵවෙ ඇතුළෙ යම් තැනක ඔයා හිරවෙලා ඉන්නව. ඒ ඔයාව තවම මම දැකලවත් නෑ. ඉතින් අපි අතර තවම කිසි සම්බන්ධයක් ඇතිවෙන්න විදියක් නෑ. මේ සිද්ධ වෙච්ච උමතු දේවල් ඔක්කොම අවුල් වියවුල් කරල.

ඔයාව මාව විතරක් නෙවෙයි මේ ඔඵ තුළ හිර වෙච්ච සත්තු හැම දෙයක්ම උමතු භාවයට ඇද දමල. කිසි දෙයක් නිවැරැදි කරන්න බෑ දැන්. ගොඩක් කාලෙක ඉඳන් මේ ව්‍යසනය සිද්ධ වෙලා තියෙනව. හැම ඔඵගෙඩියකම හිරවෙලා ඉන්න එකා තමන් සුවිශේෂි ඔඵගෙඩියක් බව පෙන්වන්න හතර අතේ විකාර කරනව. ඒ විකාර මැද්දෙ වෙන ඔඵ ගෙඩි කුඩුපට්ටම් වෙලා ගිහින් තියෙනව යුග ගණනක් පුරා. ඒවයෙ හිටිය එවුන්ට මොනා වුණාද කියල මම තවම හිතනව.

ඉතින් මට තවත් බෑ මේ විකාර සාධාරණීකරනය කරන්න. ඔයාත් උත්සාහ කරන්න ඔයා ඉන්නෙ ඔය ඔඵගෙඩිය ඇතුළෙ යම් තැනක හිරවෙලා කියල දැනගන්න. මේ හුඹස් වේයන්ටම පවරල අපි යන්න ඕනි හරිහමන් නයි විදියට. ඒත් මට තවම ක්‍රමයක් ඔඵවට එන්නෙ නෑ මේ ඔඵවෙන් එළියට එන්න.

කොහොම වුණත් ඔක්කොටම තියෙන්නෙ මේ ඔඵ අස්සෙ හිරවෙලා කරන උමතුව නවත්තල එළියට ඇවිල්ල බලන්න තමන් කොයි වගේද කියල. ඊට පස්සෙ ලෝකය කොයි වගේ එකක් වෙයිද කියල පියවි සිහියෙන්ම දැක බලා ගන්න.

මමනම් හිතන්නෙ ඊට පස්සෙ ලෝකය ප්‍රකෘතියට ආපහු එයි කියල.



18 comments:

  1. ඔලුවෙ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මොලය. ඇත්තටම 'මම' කියන කෙනා ඉන්නෙ ඔලුවෙ කොයි හරියෙද? මොලය තියෙන හරියෙ නම් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ, මොලේටම හිරවෙලා. මම කවදාවත් මොලය ඇතුලෙ 'මම' කියල කෙනෙක් නම් දැකල නැහැ.

    ReplyDelete
  2. මේ කරුණු තේරුම් නොගත්තෝ එක්කෝ වෙන ඔලුගෙඩි පස්සේ දුවති, නැත්තං වෙන් ඔලු තමන්ට අයිති කරගන්න උත්සහකරති, එසේ කරගන් නොහැකි තැන, එක්කෝ තම ඔලුවටම වෛර කරති, නැත්තම් අයිති කර ගන්නට වෙරදැරූ ඔලු කුඩුකිරීමට තැත් කරති!

    ReplyDelete
  3. ජීවිතය යනු සංසාර ගමනේ තාවකාලික නවතැනක් පමණි

    ReplyDelete
  4. අර කිව්වත් වගේ අපි ඔලුව ඇතුලට රිංග ගත්ත ගන්ධබ්බයෝ පිරිසක්.

    අකුරු සයිස් එක ටිකක් ලොකු කරන්න පුලුවන් නම් කියවන්න ලේසියි අයියා

    ReplyDelete
  5. අංගොඩ අහවල් රෝහලේ නේවාසිකව ඉන්නවා වත්ද?

    ReplyDelete
  6. @ Ano
    නේවාසිකව නෑ. සැරින් සැරේට යනව බෙහෙත් ගේන්න. මේ සතියෙ යන්න බැරිවුණා. :)

    ReplyDelete
  7. හිකිස්....ඇනෝට කිව්වේ පෙති ඉවරය් කියලද?

    ReplyDelete
  8. කතාවනම් ඇත්ත තමයි. ගන්න පුළුවන් ක්‍රමයක් දැන ගත්තොත් කියපන්. මටත් ඕනෙ ඌව එලියට අරන් බලන්න.

    ReplyDelete
  9. ඒක වෙන්නැති හැමෝම කියන්නේ, ඔලුව කෙලින් තියාගෙන වැඩ කොරන්නය කියලා. අනිවා...ඔය ගන්ධම්බයා ඉන්නේ , ඔලුවේ කොතනක හරිම තමා.

    ඕක ගැන හරියටම නොදන්න තාක්...අපි නටන්නේ පිස්සුම තමා.

    ReplyDelete
  10. හ්ම්..ම් ඇත්ත කතාව..මේ ඔළු අස්සේ හිරවෙලා අපි උමතු වෙලා

    ReplyDelete
  11. හොයන්න හොයන්න "මම" ඔලුව ඇතුලෙ. ඒත් කවදාවත් හමු වෙන එකක් නැහැ.එහෙම කෙනෙක් ඉන්න එපායැ හොයාගන්නත්.
    මැණික්

    ReplyDelete
  12. අපි මේ ඔලුවෙන් එලියට යන දවසක් ඒවිනේ එදාට අපි බලාගමු අපි හැබෑවටම කොයිවගේද කියලා .

    මැරෙන දව්ස ලං වෙන තුරු බලා ඉම්මු

    ReplyDelete
  13. අනේ මන්ද , අපි ඔලු ඇතුලට වෙලා කරන්නේ , අපිට වැදගත් දේවල්ද ? ඔලුව අයිති ශරීරයට ඕනි දේවල්ද , එහෙමත් නැත්නම් අපිට ඕනි දේවල් ශරීරය හරහා ගන්නවද ?

    ReplyDelete
  14. "ආදරය එහි උච්චතම තැනට ළඟා වනවිට පෙම්වතා අතුරුදන් වෙනවා. ඇයි මෙහෙම සිදුවන්නේ? මෙහෙම සිදුවන්නේ ඇත්තෙන්ම සෑම කෙනෙක්ම හැඩ විරහිත අය නිසා. ඔබ ශරීරයක් නෙවෙයි. ඔබ ශරීරයක් ලෙස හැසිරෙනවා. ඔබ ශරීරය වගේ ජිවත් වෙනවා. නමුත් ඔබ ශරීරයක් නෙවෙයි. අපි පිටත සිට යම් කෙනෙක් දෙස බලන විට ඔහු ශරීරයක්. නමුත් ආදරය අභ්‍යන්තරය විනිවිදිනවා. එවිට අපි පුද්ගලයා දකින්නේ පිටත සිට නෙවෙයි. ආදරයට පුළුවන් පුද්ගලයා පුද්ගලයෙක් හැටියට දකින්න. ඔහුට පුළුවන් ඇතුළාන්තයෙන්ම තමන්ව දකින්න. එවිට හැඩය, ආකෘතිය අතුරුදහන් වෙනවා"
    ඕෂෝ

    ReplyDelete
  15. //රාත්‍රී කාලයේ පදික වේදිකාවේ ලැගුම් ගන්නා පුද්ගලයන්ගේ හිසට පහර දී මරා දැමීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වේ // -ඉරිදා ලක්බිම
    ඔන්න ඒ කල්ලියනම් දැනගෙන මිනිහෙක් මරන්න ඕනෙනම් කුඩුකරන්න ඕනේ ඔලුව තමයි කියලා.

    ReplyDelete
  16. නියම ලිපියක් මචං... හදිස්සියෙ කියෙව්වෙ. මේ ටිකේ මාර බිසි. දැනුත් මේ ඕබී එකේ රැස්වීමට යන්ඩ.... ඒක ඉවර වෙලාා හවස සෙට් වෙමු... එද්දි අර ෆිල්ම් දෙක අරං වරෙං මතක ඇතුව....
    පස්සෙ නිවාඩුව කමෙන්ට් එකක් දාන්නංකො.

    ReplyDelete
  17. උඹට එලියට එන්න පුළුවන් වෙයි... ඒත් සම්පූර්ණයෙන්ම? මොකද ඔය ඔළුවෙන් පිටත උඹට පැවැත්මක් නෑ. ඔළුව උඹටත් උඹ ඔළුවටත් බැඳිලා...

    ReplyDelete
  18. එහෙම එලියට ඇවිත් බලන්න පුලුවන් නම් කොච්චර හොඳද ........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.