Thursday 29 September 2011

සංවර්ධනය එන්න හනිකට බුල්ඩෝසරයක් සමග..




 හන්දිය මැදට වෙන්නට
ටකරන් දෙක තුනක් අටවා
සරම් කෙටියෙන් පමණක්
විළි වසාගත් කැත
බඩ තඩි කොටා විකුණයි
බුලත් විට..

මහපාර පුරාවට
රතුපාට පැල්ලම් මවා ඇත
නොදැමුණු අසික්කිත
විට හපන්නන් එක්ව..

වම්පස පාර අද්දර
මළකඩ කාපු කූඩුවක
කිළිටි හැඳගත් කෙට්ටු
මළ පෙ‍රේත මිනිහෙක්
විකුණයි දවසම
කෑ ගසා ලොතරැයි..

යුග ගණන් පැරැණි
බස් නැවතුම කැඩුණු
අපිරිසිදු හිඟන්නන්ට
පාදඩ ගැටයන්ට
හෙවණ සපයන කැත අර..

කපටි වෙළෙඳුන් එක්ව
කෑ ගසා විකුණන
වේලුණු කුණුවුණු
එළවඵද පළතුරුද
මිළදී ගන්න පොරකන
අව්වට පිච්චුණ
කේඩෑරී වක ගැහුණු
ස්ත්‍රී පුරුෂ පන්චස්කන්ධ
එහෙ මෙහෙ යනෙන
අපුල පොළ භූමිය..

ඉටි කොළ මස්තකෙහි
අරුමෝසම්ද, රෙදිපිළි
අතුරගෙන මොර දෙන
පදික වෙළඳුන් වටේ කැරකෙන
කැත ඇඳුම් හැඳගත්
අමන බයියන්
අවහිර කරත මහමග..

‍මේ කැත නපුර
පලවා හරින්නට
සංවර්ධනය පැමිණෙන්න
බුල්ඩෝසරයක්,
බැකෝවක් සමග
යුහුසුඵව හන්දියට..



14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හැමදාමත් වගේ පිටස්තරයා නියමෙටම හිතට වදින්න ලියලා තියෙනවා.
    මිනිසුන් හා පාලකයන් අතර කවදාවත් නියම තේරුම් ගැනීමක් ඇති වෙලා නෑ. පාලකයන් ඔවුන්ගේ සමාජ තත්වය අනුව පිළිකුල් කරන දේ සාමාන්‍ය ජනයාට බොහොම කැමති දේ වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. විසිතුරු ගෙ කතාවත් අැත්ත!

    ඉන්නෙ හම්බන්තොටනං බුල්ඩෝසරේ රූං ගාල එයි! :D

    ReplyDelete
  4. නියමයි පිටස්තරයා. මං වැඩියෙන් ම කැමති ඔබ විශේෂ තීන්දුවක් නොදී ලියන ස්වරයට. එහෙත් එය යටින් ඇදෙන දාහක් අතුරු කතා නොකියු නමුත් අකුරු අතරින් කියවිය හැකියි.

    ReplyDelete
  5. නගරෙ ලස්සන කරන්ඩ එපෑයැ. මිනිස්සුන්ට බඩ අඩුකරගන්ඩ මැශින්, මේක් අප් සෙට්,අලුත් ඇඳුම්, එහෙම බෙදල දුන්නොත් මොකද, 50% පොළියට?

    ReplyDelete
  6. මේ කැත නපුර පලවා හැරියම විදින්න පුලුවන් වෙයි සoවර්ධනයේ උජාරුව

    ReplyDelete
  7. චප්පන් කරපිය නරපනුවන්ව
    උන් තමයි යන්තර දුවවන්න
    උඹලාට තෙල් උපයන්නේ
    කතිර පිට කතිර ගසමින්..

    ReplyDelete
  8. කාලෙකට කලින් කියෙව්වා අපූරු කෙටිකථාවක්,යන්ත්‍රවිසින් ලොකයේ පාලනය ලබාගෙන මිනිසාව තලා පාගාදමන ආකාරය.මේකත් ඒ වගේ,අජීවි සහ සජීවි යන්ත්‍ර.

    ReplyDelete
  9. දෙයක් ලබාගැනීමට දෙයක් කැපකල යුතුය... ප්‍රශ්නයක් ඇතිවන්නේ වැඩියෙන් වටින දේ කැපකර වටිනාකම අඩු දෙයක් ගැනීමය...

    ReplyDelete
  10. කැත සියල්ල ඉවත් කර
    ලස්සන දේ ගොඩනගා
    සාදයිද සුරපුරක්
    ඔය සිටින කැත මිනිසුන්ට!

    ReplyDelete
  11. ඇත්තනෙ බං... සුද්දො ඕව දැක්කොත් එහෙම..

    අද කියෙව්වෙ... තව පොඩ්ඩෙං මිස් වෙනවා...
    මරු බං

    ReplyDelete
  12. හොඳ නරක දෙකම තියනවා .......
    ඔය නගර ලස්සන කරන වැඩේදි ........

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.