Thursday 6 October 2011

ධනපති කඳවුරේ පොඩි එකෙක්ගෙන්..




කවුද ඒ සීයල
කොහේදෝ රටක
හිටියයි කියන
උපන්තේකට රැවුල නොකපපු..

අනේ ඒ සීයල
හිටෝපු ගස් වලින් තාමත්
මරා ගනිමින් අර
ගෙඩි කඩන් විකුණයි
ගහක් පැලයක් ඇටයක්
කිසිදාක නොහිටෝපු
මෙන්න මෙහෙ මාමල
රැවුලුත් වවාගෙන...


20 comments:

  1. නියමයි..!

    ReplyDelete
  2. මෙහෙ ඉන්න මාමලා ටිකට පොඩි වුන් ආකර්ෂණය වෙලා කරගත්ත වින්නැහිය!

    ReplyDelete
  3. රැවුලුත් වවාගෙන
    එකිනෙකා
    මරාගෙන
    රටත් මරාගෙන කනෝ !

    ReplyDelete
  4. සුද්දගේ රටේ දුවන අස්සයා වෙනුවෙන් මෙහේ අය මැරෙන්න හදන එකේ ඔවුවා මොනාද අයියා.
    ඒ රටේ සීයලා වෙනුවෙන් මේ රටේ මාමලා කැම්පස් වල අයියලා මැරෙන්න හදනවා. :)

    ReplyDelete
  5. අනේ හැබෑට,,,
    පද පෙළ නියමයි!

    ReplyDelete
  6. මුන් මරාගන්න විදිය දැක්කම ඒ මාමලාට ආයෙත් මැරෙන්න හිතෙනව ඇති.

    ReplyDelete
  7. :)

    කොලුවෝ උඹ කියෙව්වද
    දාස් කැපිටාලය
    කියෝපිය ගිහින්
    ට්‍රොස්කිගේ පටන්
    ජිජක්‌ වෙනකම්

    මාක්ස්වාදය
    ට්‍රොස්කි වාදය
    පශ්වාත්භාගය
    නෑ නෑ නෑ
    පශ්වාත් නූතන වාදය

    ඔව්ව කියවලා මිසක්
    එන්න එපා තර්කෙට
    කල් මරන්නේ අපි
    එවන් උගතුන් හට මැ පමණි

    වෙමු අපි ඔස්තාද්
    සියල් විද දර්ශනයේ
    තෝ බත් බැලයෙක් ය
    අපේ දර්ශන අධිරාජ්‍යයේ

    ගොස් කියවා වරෙන්
    අපේ හුදු සුවිශේෂය
    එතෙක් තොට ඇත වෙන වැඩ
    පෝස්ටර් මිටියක්
    පාප්පත් සමගින් ම මෙහි ඇත

    ReplyDelete
  8. ‍රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......

    ReplyDelete
  9. [[‍රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......]]

    - ඕන අතකට කපා ගත හැක.

    - යටින් ඇති කැත වසා දකින්නා රවටන ක්‍රමයකි.

    ReplyDelete
  10. @සුජීව
    පොඩි එකා හොඳටම බයවෙලා.
    ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ..

    ReplyDelete
  11. [[පොඩි එකා හොඳටම බයවෙලා.
    ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ}}

    අංකල් ලා ද ළමා වියේ මෙවැනිම අතවර වලට ලක් වූවෝය.

    ReplyDelete
  12. යන්තං ඇති. ධනපති කඳවුරේ (ඇත්ත කියන) එක පොඩි එකෙක් ඉඳලා.......

    ReplyDelete
  13. ‍රැවුලුත් වවාගෙන
    දෑකැති මිටිත් අරගෙන
    කරන හැම දේකම
    වැරදි හොය හොය
    සිටිමු හැම දින
    (කවිය ලිව්වේ- ‍රැවුල් මාමා)

    ReplyDelete
  14. නියමයි..!
    කොළබොක්කටම රස වින්දා..

    @සුජීව: කවියක් ඇතුලෙ කවියක්..! නියමයි.!

    ReplyDelete
  15. මාමලා හිටෝනවා තණ ගස්~

    ReplyDelete
  16. මේක ඉතිං සුද්දටම ගිය රටක් නේ.....

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. හ්ම්..අපූරුයි

    ReplyDelete
  19. ස්තූතියි සියලු දෙනාටම..

    ReplyDelete
  20. හිහ් .... හිහ් .........
    අදාල පුද්ගලයො දැක්කොත් බඩ පලා ගනියි ..

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.