Wednesday 26 May 2010

ලොවේ සොඳුරුම විකසිතවීමේ සැමරුම


මෙත් කරුණා ගිරි කුළකින්
රූරා ඇද හැලී වැටෙන
පාරිශුද්ධ දිය දහරකි
බුදු බණ පදයක් සිතකට...

සසර දුකට ඔසුවක් මිස
සා පවසට නොවේ එදිය
එදියෙන් සැනහුණු උතුමෝ
ලොවට පහන් තරුවක් මෙන...

මෙත් කරුණා මුදිතාවෙන්
සැදුණු මෙදිය බිඳු සැණෙකින
සිරුරට වැද සිහිල සමග
පුබුදයි සිත සුවපත් කර...

සසර දුකට බිය වූවෝ
පාරිශුද්ධ දිය බීවෝ
ඔවුනගෙ සිත් සමාධියට
සසර දුක්ද දණ නැමුවෝ...

4 comments:

  1. ලස්සනයි. හරිම අර්ථවත් ඔයා අතින් ලියවුන කවි පද අතුරින් මම ආසම එක මේ. කරුණා ගුනයේ ස්ථරත්වය දැන් වීමට ගිරි කුළක් භාවිත කිරීමත් එහි මුදු මොළොක් ගතිය විදහා පෑමට දිය දහරාවක් වැනි වචන භාවිතයත් හරිම අලංකාරයි.

    ReplyDelete
  2. මේ අදහසේ ශාන්ත බවට...හිත අදිලා යනවා....

    අපිට මේ සරන හැර වෙන කවර සරනක්ද?......

    ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වෙවා!!!!!!!!!

    ReplyDelete
  3. වෙසක් සුළගේ
    දහම් සුවඳේ
    දැනේ සිත් සපුරා
    කුසල් පුරමින්
    සෙත් වඩවමින්
    ඉදිමු පින් වපුරා

    ReplyDelete
  4. " සිරුරට වැද සිහිල සමග
    පුබුදයි සිත සුවපත් කර..."
    ඒ සිහිල මුළු සිතටම දැනෙනවා වගෙයි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.