Sunday 1 May 2011

ඔක්කොටම මුල..?


                                         දිනූ හැම දේමත්
                                         පැරදුණු සියල්ලත්
                                         උගත් හැම දේමත්
                                         පෙම් බැඳුම් ඔක්කොමත්
                                         දරුවන් හැදීමත්
                                         ගේදොර තැනීමත්
                                         අයිතිකරගත් සියල්ලත් 
                                         සතුට වුණු හැමදේත්
                                         දුකින් පිරවුණු සියල්ලත් .. ?

                                       
                                         කාලයේ හිඩැස් පුරවන්න
                                         දවස පුරා
                                         ජීවිතේ පුරා
                                         කරන ලද දේම බව
                                         වැටහී අද හිතම
                                         කුසීතව ඔත්පලව..?

5 comments:

  1. ගැලවෙන්නට සිතෙයි එවිට
    ඔය බැඳීම් සියල්ලෙන්
    කුසීතව හිඳ නැවත
    බැඳීම් වලට ලොල්ව
    ජීවිතයට එන තුරු

    ReplyDelete
  2. හිස් බව යථාර්තයයි. එහෙත් ඊට එක එල්ලේ මුහුන දීමට අපි කවුරුත් බයයි. ඉතින් පුරවමු මේ හිස් බව නෙක නෙක දෙයින් නොනැවතී.
    මැණික්

    ReplyDelete
  3. කාලෙකට පස්සේ අලුත් post එකක්. අපූරු අදහසක් යාළු

    ReplyDelete
  4. කුසීත උනත්,මක් කොරන්නද දැන් හදාගත්තු ඒ බැඳුම් වලට

    ReplyDelete
  5. මටත් ඔය දේ තේරුම් ගිහින් හුගක් කල්.
    ඒත් මැරෙන කල්ම කරන්න වෙන්නෙත්..ඔය ටිකම තමයි.
    අනේ..මන්දා...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.