Friday 24 June 2011

ආදරයේ ඇතුල් පැත්ත...





මවක් හෝ පියෙක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
පරිත්‍යාගය අනත්..


සොහොයුරෙක් සොයුරියක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
මගේ යැයි හැඟීමක්..


යහඵවෙක් යෙහෙළියක්
ආදරෙන් බලයි නම්
එතුළ සැඟවී තිබේ
බෙදාගැන්මේ සිතක්..


දේශපාලක සතෙක්
ආදරෙයි කියයි නම්
එතුළ සැඟවී තිබේ
සටකපට කැත හිතක්..

14 comments:

  1. සාතන් කිව්වොත් හැම කෙනෙක්ගෙම ලග තමුන්ට හොඳයි කියල හිතෙන රිටන් එකක් ගැන බලාපොරොත්තුවක් තියෙනව කියල...

    ReplyDelete
  2. සහතික ඇත්ත බන්

    ReplyDelete
  3. ඔව්,කෙනෙක් පපුවට ගහගෙන මේ මගේ මවුබිම,මම ඒකට ආදරෙයි කියලා කෑ ගහන්නේ,ඒක විකුනගෙන කැමේ එකම උරුමය තමන්ට තියෙනවා කියල හිතෙන නිසානේ.

    ReplyDelete
  4. ඔය කොතනත් පොඩි හරි ආත්මාර්ථයක්, මමංකාරයක් ගැවිලා තියෙනවා නේද? අර සාතන් කිව්වා වගේ.

    ReplyDelete
  5. @සාතන් & හිරණ්‍ය
    ඔබ කියන දේ ඇත්ත. සාමාන්‍ය මනුෂ්‍යයෝ තුළ නිරපේක්ෂ අගයක් නෑ.
    සා‍පේක්ෂ අගයකින් විතරයි මෙහි කියන දේ සත්‍ය වෙන්නෙ.

    ReplyDelete
  6. සහතික ඇත්ත.
    අඩුම තරමේ..එහෙම නැති එක් කෙනෙක්වත්...ඇද්ද...

    ReplyDelete
  7. තාත්තයි සහෝදරයයි
    හැර ඕනෙම පිරිමියෙක්
    ලන්වෙයිනම් කෙල්ලෙකුට
    කෙල්ලේ ඒ හොදකටනම් නෙවෙයි

    (මේ අදහසත් ඕකටම දැම්මනම්)

    ReplyDelete
  8. පෙම්වතෙක් පෙම්වතියකට ආදරේ කියයි නම්??????
    ??????????????????????

    ReplyDelete
  9. @Gimhani
    එතුළ සැගවී තිබේ
    අයිතිකරගැන්මේ සිතක්...

    ReplyDelete
  10. හ්ම්හ්ම්. මමත් හිතුවෙ පෙම්වතෙක්ගෙන් කෙළවර වෙයි කියලා- අර කිව්වත් වගේ අයිති කරගන්න සිතක්නෙ. :D හැබැයි ඊට වඩා හැමෝටම බලපාන ප්‍රශ්නයක්. සිත්කළු රචනයක්.

    ReplyDelete
  11. ආදරවන්තයෙක් සහ ආදරවන්තියක් කියන එක ලියලා නැත්තේ මොකෝ????...:D

    ReplyDelete
  12. @Podi Kumarihami
    ඒක උඩ කොමන්ටුවක් විදියට ලියල තියෙනව. ඒ ටිකත් කවියෙ ලිව්වනම් අවධානය යොමුවෙන්නෙ ඒකටයි. අපේක්ෂා ක‍ලදේට අවධානය යන්නෙ නැතිවෙයි කාගෙවත්.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.