Tuesday 27 April 2010

දිළිඳු කලට කොයිද සෙනෙහෙ...



                                    නිම්නයේ හාත්පස
                                    ආදරේ සුව විඳින
                                    සුවඳ මල් ගොමු අතර 
                                    නොපිපුණෙමි මේ දියත...   

                                    සමනලුන් නොපැමිණෙන
                                    කටුක ගිරි සිඛරයක..
                                    ශුෂ්ක කටු පඳු අතර
                                    කර්කෂව සුපිපුණෙමි.....

                                    රොනින් තොර සුවඳ නැති
                                    සුමුදු ගති නොමැති පෙති..
                                    සිඹින්නට නොරිසි ලෙස
                                    සුළඟ මග හැර හමයි......

                                    ඉදින් මම මලක් නොව
                                    මලක මළ සිරුරක්මි..
                                    භීතියේ දෙනෙත් මිස
                                    ශෝකයේ දෙනෙත් මිස
                                    පිළිකුලේ දෙනෙත් මිස.....

                                    නුදුටු සෙ‍නෙහේ දෙනෙත්....

11 comments:

  1. කැලේට පිපී කැලේටම පරව යන
    අපමණයි මල් මෙලොව හැම තැන
    දනී නම් එමල් වටී දැයි කොපමණ
    බඹරු නොසිටියි රැඳී වෙන තැන

    එහෙම බඹරෙක් වන්න මල්ලී. -)

    ReplyDelete
  2. සැගව හිද නුඹට සුවද දෙන
    මලක් ඇත නුඹ දැක නැත
    සුළග හා නොයා හමා එන
    ටිකක් රැදී සොයාපන් ලැබෙනු ඇත

    නොහැද වටීදැයි කොපමණ
    නොකියව අවනඩු මලටම
    සැගව නුඹටම සුවද දෙන
    බව පමනක් දනිමි මම

    ReplyDelete
  3. සිය දහස් ක‍ටු පඳුරු පිපුනු මේ මුඩු බිමේ
    ඔබ සුවඳ මල් වැලකි සැක සාංකා නොවේ
    ඔබ නමින් පිපෙන්නට ලෝකයේ සිව් කොනේ
    සුවඳ පිරි රුවන් මල් පෙල ගැහී එනු පෙනේ.

    ReplyDelete
  4. නියමයි මචන්.

    ඔලුව කරකවල හිතන්න යොමු කරන කවියා එක්කම සියුමැලිව හදවතට දනවන්න පුලුවන් කවියෙකුත් උඹ ඇතුලෙ ඉන්නව කියල දැනුන මේ පදපෙළ කියෙවුවම.
    එළමකිරි.

    ReplyDelete
  5. ඉදින් මම මලක් නොව
    මලක මළ සිරුරක්මි..

    හරිම අමුතු හැඟීමක් ගෙනාව
    ඒ වචන ටික මට...

    ReplyDelete
  6. සමහර වෙලාවට මල පනින්ව බූට් කවි දැකලම,,,....

    ReplyDelete
  7. ඔබ කියන්න හදන කටුක වූත් කර්කෂක වූත් දුක ඔබෙග් වදන් හැසිරවීම මගින් අැගට දැනුනා. ඒ කොතෙක් ද යත් කියවිමට අප්‍රසන්න වෙන සෙයක් හැගුනා. ඒ තරමට කර්කෂක බව ඉස්මතු වෙන අයුරට වචන හසුරවලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙයට සුන්දර නිර්මාණයක් කියනවාට මම පුද්ගලිකව කැමති නෙහෙ. නමුත් ෙමය විශිෂ්ට නිර්මාණයක් කියන්න කාටවත් තහනමක් නැහැ.

    ReplyDelete
  8. මලක මළ සිරුරක
    වග තුග ඔයහැටිම
    සිහියට නගන්නට
    පෙළඹවෙන්නේ
    ඇයිද නිතරම

    ජීවිතේ විදින්න. විදවන්න එපා

    drop the past at where your life stopped once. move on Mr. outsider !!

    ReplyDelete
  9. මම මලක් නොව මලක මළ සිරුරක්මි.." මේ පද කීපය හුඟාක් හිතට දැනුණා...අගේ ඇති නිර්මාණයක්..

    ReplyDelete
  10. හරිම අපූරුයි සහෝ මේ පද පෙල නම්...... හිතට දැනුනා තදින්ම.......

    ReplyDelete
  11. වටිනා අදහස් දැක්වූ ඔබ සියඵ දෙනාටම ස්තූතියි !

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.