Thursday 1 April 2010

නිරුවත සහ යථාව


නන් විසිතුරු ඇඳුම්
ඇඟලගෙන....
සිටින'මුත් සැමදා
එසඵපිළි ඇතුළත
නිරුවතිනි මා..?
සිටින්නේ සැමදා

දැනෙද්දී ඒ බැව්
විළියෙන් දැවෙයි
මා..?
සදාකල්..

7 comments:

  1. අපිට තියන ආවරණය අපෙ ඇතුලෙ තියන අපි අසුන්දරයි කියලා හිතන සුන්දර දැ හංගනවා.. එ යථාර්තය දන්නෙ, දකින්නෙ අපි විතරයි.. නමුත් එ සුන්දරත්වය අනිත් අය තුලත් තියන බව බොහො අයට අමතක වෙනවා. බොහො තැන් වල ස්පර්ෂ වෙන පුංචි වචන කිපයක් නිරුවතෙහි ඇති සුන්දරතාවය දකින්න සිනිඳු, සියුම් මනසක් ඔනා.. ලස්සනයි කවිය...

    ReplyDelete
  2. නියමයි මචන්.
    විවිධ ආකාර වලින් හිතන්න පුලුවන් අදහසක්.
    අපි සරණ යන මතවාද උනත් එක්තරා ආකාරයකට නිරුවත වසාගන්න ඇඳුමක් පැළදුමක් කියලයි මචන් මම හිතන්නෙ.

    ReplyDelete
  3. ඔයා දාලා තියෙන අදහස් සෑහෙන ප්‍රමාණයක් මම කියෙව්වා. මේවා පොතක් විදිහට එලි දක්වන්න එහෙම අදහසක් නැද්ද ?

    ReplyDelete
  4. අපි කවුරුත් යම් යම් ආවරණ වලට මුවා වෙලා ජීවත් වෙන අය.....පැති කීපයකට හිත යොමු කරන්න පුළුවන් නිර්මාණයක් සහෝ....අපූරුයි......

    ReplyDelete
  5. රවා, රේවන්, විශ්මි ඔයාලගෙ අදහස් වලට ස්තූතියි.
    හසිත ඒ වගේ බලාපොරොත්තුවක් දැනට නෑ මල්ලි. මම මේ පුංචි දේවල් ලියන්නෙ ඒකෙන් මං සතුටක් ලබන නිසාත්, මේ එක වචනෙකින් හරි කාට හෝ අලුතින් දෙයක් හිතන්න ලැබේවා යන අදහසිනුත් විතරයි.

    ReplyDelete
  6. ඒකනේ සත්තු ඇඳුම් අඳින්නේ නැත්තේ....

    /බිඟුවා...!

    ReplyDelete
  7. hariyata hari...
    mamath athwidapu deyak..
    maru kaviya

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.