Friday 23 April 2010

බහුරූපිකයා




                              පුංචි කාලෙ නොදරුවෙක්ට
                              අම්ම කිව්ව මෙහෙම වෙන්න
                              පියා කිව්වෙ මෙහෙම වෙන්න
                              අයිය අක්ක නෑසියන්ද..
                              මිතුරන් හා ගුරුවරුන්ද 
                              මෙහෙම මෙ‍හෙම වෙන්න කිව්ව..

                              කවදාවත් බැරිවුණේය
                              මට 'මම' වන්නට එබැවින්
                              අනුන්ගෙන්ම පිරවුණ මා
                              බහුරූපිකයෙක් වුණේය...

                              සොයාගන්න බෑ මට අද
                              මගෙ හැඩරුව කොයි වගේද..?
                              ජීවත් වෙන්නේ මම වෙද?
                              මියයන්නෙත් මමම වේද...?

10 comments:

  1. පවුලක් වශයෙන් ශක්තිමත් බැඳීමකින් බැඳුනු පවුල් අනෙක් රටවලට සාපේක්ෂව ගත්තාම අපේ රටේ වැඩියි. ඒ ශක්තිමත් බැඳීම අපි හැමෝටම ශක්තියක් වනවා වගේම මෙහි කියැවෙන ආකාරය අනෙකා මත බලපවත්වන්න ලයිසමක්ද ලබා දී තිබෙනවා. එබැවින් අපි බොහොම දෙනා බහුරූපිකයෝ තමයි නේද?

    ReplyDelete
  2. නියමයි.
    ගැටෙන වැටෙන සමාජය කියවන පතපොත සංවේදනා ඇතුලු සියල්ලෙන්ම මාව නැවත නැවත නිර්මාණය කරනවා.

    ReplyDelete
  3. නියමයි..
    ඔයාගෙ සිතිවිලි වලින් ඔයා දන්නෙම නැතුව සමාජයට ලොකු මෙහෙවරක් කරනවා. ඇත්තෙන්ම ඒ ගැන මට හරිම සතුටුයි. හැම නිර්මානයකම, හැම වචනයක් ගානේම වැදගත් හා හිතන්නට යමක් එකතු කරනවා....

    මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  4. පට්ට අදහස...
    මම ඇත්තටම් හිත හිත හිටියා මේ ගැන ලියන්නම...
    නියමයි....

    ReplyDelete
  5. ඔව්. මමත් ඔය ප්‍රශ්නය නොයෙක් ආකාර වලින් අත්විදපු, අත්විදින කෙනෙක්. ඒකෙ ලොකු පුපුරා යාමක් තමයි "මම මා නිසා". හැබැයි එතනදි, කොහොමහරි බහුරූපිකයෙක් නොවී, පුලුවන් තරං තමන්ව රැක ගන්න පොඩි ෆයිට් එකක් දෙන්න වෙනවා. නිකන්ම හිටියොත් ඉතින්, ඔලුවෙ පණ යන දාට කලින් හිතේ පණ ගිහින් තියෙයි.

    ReplyDelete
  6. අම්ම කිවුව නිසා එහෙම උනා
    තාත්ත කිවුව නිසා මෙහෙම උනා
    නෑසියන් කියපු නිසා එහෙමත් උනා
    දෙවියනෙ නොදැනම බහුරූපිකයෙක් උනා

    -සෝරෝ

    ReplyDelete
  7. මොනා කලත් තමා ඈතුලෙ තමන් ඉන්නව......

    ReplyDelete
  8. උබ හොදයි
    උන් කිව්වා වගෙ උනා
    උබ මං වගෙ වුනා නම්
    උබට අං එන්න තිබුනා

    නිදහස හරිම වටිනවා හිතකට..

    ප්‍රතිභාව බිහිවෙන්නෙ ගලන දහරාවෙන් ස්වායත්ත විටකදි පමණයි.. එතන ඇති අනතුරදායක බව, අසහනය ඉතා ඉහලයි.. නමුත් අන්තය ගැන මම කිසිවක් නොකියන්නෙමි..

    ReplyDelete
  9. මමත් "මම" ම වෙන්නයි උත්සාහ කලේ අඩුම වශයෙන් මෙතනදිවත්.

    ReplyDelete
  10. mmm akanam atha pooran hamoma ayalage balaporothu esta karagana apita ahema kiuwa wage mata aka welawakata hethene ...ath anthimata mata mawama hoyagana mata mawama wena dan paraku wadii ...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.