Friday 30 April 2010

ජීවත් වීම නම්..........



                                      තම තමන්ගේ සිරකුටි
                                      සරසයි විසිතුරුව...
                                      වැදී මහ තරඟයක
                                      සියල්ලෝ යුහුසුඵව.....?

8 comments:

  1. නියම අදහසක්.
    සිරකුටිය ඇතුලත සැපපහසු කරගන්න තමයි නිරන්තර උත්සාහය. ඉඳහිටක සමහර සීමාවන් අදුනගෙන සිරකුටි බින්දා යැයි හිතුනත් අපි එයිනුත් වැටෙන්නේ තවත් සිර කුටියකට බව අපිට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  2. ඔව් ඒක ඇත්ත රේවන් අයියාගේ අදහස මමත් අනුමත කරනවා....

    ReplyDelete
  3. කෙසේ හෝ අවසානයේ නොදැනුවත්වම අපි නැවත නැවත සිර ගෙවල වැටෙමු. ඒත් ඔබ දක්වා ඇති සිරගෙය තුල නම් මට ආලෝකයක් පෙනේ. එයත් ඔබ සිර කළේ ඇයිදැයි මට නොතේරේ.

    ReplyDelete
  4. ඔව් අවසානයේදී අපි ආයේමත් සිරවෙලා..කොතැනක හරි..කොහොම හරි.

    මම ඔබේ නිර්මාණවල විශේෂත්වයක් දකිනවා.ඔබ වැඩියෙන්ම නිර්මානය කරන්නෙ " හයිකු " ක්‍රමයට ලියපු මහා ගැඹුරු තේරුමක් තියෙන නිර්මාණ...
    මම ඒවට හුගාක් කැමතියි....
    ඔබේ නිර්මානකරනයට මගෙන් සුබ පැතුම් සහෝ....

    ReplyDelete
  5. කෙටියි.ඒත් අදහස ප‍්රබලයි..

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. රේවන් කියූ දේමයි මටත් කියන්න තියෙන්නෙ සහෝ...... අපි කවුරු කවුරුත් කරන්නේ තමන් තමන්ගේ සීමාවන් සරසන එක...... හුඟක් දෙනෙක් ඒ සීමාවන් බිඳගෙන ඉදිරියට ගියා යැයි හිතුවත් අපි වටා ඇති සීමාවන් වල කෙළවරක් නෑ.. නැවතත් වැටෙන්නේ සිර කුටියකට....... එහෙම නැත්නම් උගුලකට......නිර්මාණය කෙටි වුනත් උපරිමයි සහෝ.....

    ReplyDelete
  8. අදහස් දැක්වූ ඔයාලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.