Wednesday 7 April 2010

දෙව්ලොව "මා" වෙනුවෙනි..



මා දෙව්ලොව ගිය විට
එහි අසිරිය, සුඛය...
සසඳා සැනසෙන්න
අපායක් තිබේවා..!
මෑතකම මට පෙනෙන

එවිට,

අපායෙහි ඔබ සැම
දිව සැප බලා මා සතු
සුසුම් හෙලනා විට.,
සැනහෙයි මසිත අපමණ...


සිටින බව "මම"
එවිට වැටහෙයි මට....

10 comments:

  1. දයාබර සභෘද මිතුරු මිතුරියනි, අවුරුද්දෙන් පසු නැවත ඔයාල හමුවට එන්නම්, මේ සටහනෙන් ඔබ සියඵ දෙනාටම,
    සුභ නව වසරක් වේවා! කියා සුභ පතමි සෙනෙහසින්.

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා

    ReplyDelete
  3. ඇයි....???????????????????? මේ වගේ දෙයක් කිව්වෙ.

    ReplyDelete
  4. ඔයාටත් එසේම නෙමේ

    ReplyDelete
  5. හිනැහී ඉන්න ඔබ දෙව්ලොව වළා පිට
    ඉනිමන් තනා අපි එන්නෙමු ඔබෙ ලඟට
    සින්ඩියෙ සැවොම ගොඩවුන පසු වලා වට
    සත්තයි වැටෙනවා ඔබ යලි මිහි මතට
    සුළඟ

    ReplyDelete
  6. ඇත්ත සහෝ...... හොඳට සාපේක්ශව නරකක් නොතිබුනා නම් හොඳ කියන්නෙත් නිකම්ම නිකම් තත්වයක් පමණක් වෙන්න ඉඩ තිබ්බ.......



    ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.......

    ReplyDelete
  7. නියමයි. අනුන්ගෙ ඇස් වලින් අපේ පැවැත්ම තහවුරු කරගැනීම සහ එහි අගයන් විඳීම.

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තව තවත් මෙවන් නිර්මාණ කරන්නට අදහස් පහල වේවා.

    ReplyDelete
  8. අදහස නියමයි.... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  9. ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත් ලැබුවා වු සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා, කියා පතනවා...

    ReplyDelete
  10. සාපේක්ෂතාවට...පැහැදිලි අර්ථකතනයක්.

    ඔබටත්...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.

    120 ට 220 ක් ආයුබෝ වේවා...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.