Wednesday 21 April 2010

මල් පාඩම




                                         ගසේ තිබුණද පරවෙන  
                                         නෙලා ගත්තද පරවෙන.. 
                                         සුන්දරව පිපෙනුයේ කිම..? 
                                         ලොවේ මල් ඇත්තට..

                                         වේදනාවේ නටු අග....

29 comments:

  1. ඇත්තෙන් ම...ඇයි එහෙම උනේ .....

    ReplyDelete
  2. එතකොත කොහෙන්දො...ආව බබරෙක් මෙහෙම කියනවලු

    ගසේ තිබුණද පරවෙන
    නෙලා ගත්තද පරවෙන..
    සුවද බැලුවම කිම
    පරවෙන්නට පෙර මල

    ru..o....a..... ru..o....a..... ru..o....a..... ru..o....a.....

    ReplyDelete
  3. අර කොහෙන්දෝ අව බඹරත් මරු කතාවක් කියලා තියෙන්නේ....

    ReplyDelete
  4. @ ගීත්
    එතකොට රූන් රූන් ගානා බඹරට මල මෙහෙම කීවලු
    ගසේ තිබ්බත් සුවඳයි
    නෙලා ගත්තත් සුවඳයි
    සුවඳ බැලුවොත් මගෙමයි
    බඹරු නපුරුයි විසමයි

    ReplyDelete
  5. අනේ ඇත්තට. මේවා ගැන ඉතින් දවස් ගාණක් උනත් කල්පනා කරතැහැකි.

    නියමයි මචන්.

    ReplyDelete
  6. හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... ඒත් එහෙම පරවුනා කියල මල් නොපිපුනොත් ?

    ReplyDelete
  7. හරිම හරිම හරිම ලස්සන කවියක් !! :)

    ReplyDelete
  8. බබරා දැනාගත්තා සීන් එක. වූ රැවටුනේ නැහැ පොර ඊට පස්සේ මෙහෙම කියනවලු

    පෙනුම නිසා හිත ගියා
    සුවද ගන්න ලං වුනා
    බුදු අම්මෝ රැවැටුනා
    මෙන්න කොල්ලෝ බාදුරා

    :D

    hu..h....hu..h..

    ReplyDelete
  9. නැණැති බඹරු නැති ලොවේ
    ඔහොම සීන් සිදු නොවේ
    හීනෙන් අවදිව සැනේ
    දෙපය තබනු බිම මලේ

    ReplyDelete
  10. පර වුන මල් වල සුවඳ අතීතේ
    එලිය මැදින් හෙට දවස උදාවේ......
    දිව්‍ය ලෝකෙ යනවනෙ. එතකොට පරසතු මලක් ලැබේවි.
    ඒවා පරවෙන්නෙ නැහැ.

    ReplyDelete
  11. වතු සුද්ද මොකද රෝස මොකද මේ සේරම මල්
    වත්සලා මොකද සප්නා මොකද දානවනම් පාට්
    බබරු මොකද කොල්ලෝ මොකද ඉන්නවද නිකන්
    කඩු මොකටද පොලු මොකටද කවියෙන්මයි මාත්

    ReplyDelete
  12. ගීත් මල්ලි වට කරල වැඩේ දෙන්න හදනව නේද ඔයාට...හික්..හික්..

    අදහස්වූ දැක්වු සියඵ දෙනාටම අනේක වාරයක් ස්තූතියි..

    ReplyDelete
  13. මලෙක මෙලෙක තිබුණත් ඔය පැතිරිලා
    සුවඳ දිදී හිටියත් හිටියත් ඔය නැලවිලා
    මොලේ තියෙන බමරෙක් එහි නැවතිලා
    හොරෙන් හොරෙන් පැණී බීලම වෙරි වෙලා

    පැණි බීලා යනවලු ඌ හොඳටම දැන් වෙරි වෙලා
    අසරණ මල දඟලනවලු සිත් අහසම පෑරිලා
    මං එන්නම් කියනවාලු බමරාටත් තේරිලා
    ගීත් මලය බේරුනාලු බිඟුවා යයි කිය කියා

    ReplyDelete
  14. කඩු පොලු නැතිව කවි යුද්දෙට ආපු කෙනා
    එන්.ජී.ඕ උපකාරය ලැබී ගියා
    වාසනාව පෑදී ගොඩ යන්න උනා
    දිනුවා යැයි ඔන්න මලේ හිතන්නෙපා

    ReplyDelete
  15. @ wath/

    නෙලා ගත්තත් මල
    සුවද බැලුවත් මල
    බඹරුන් නෙමැති කල
    මලකුත් වේද හැඩ

    ReplyDelete
  16. @ ස්වප්නා/

    යුද්දෙට යන්න කඩු පොලු අප අතේ නැතත්
    යුද්දෙට ආපු ඔය සේරම අපිට යටත්
    එන් ජී ඕ නැතිව අපි එනවා මීට පසුත්
    යුද්ධය කරමු අද පමණක් නොවේ හෙටත්

    ReplyDelete
  17. @girls,

    කෙල්ලො කොහෙද අපිත් එක්ක කරල සටන්
    දිනුව කියලා තියෙනවාද එදා පටන්
    ආවොත් හෙම ඔය වගේම කරන් බොටන්
    දෙන්නමකෝ බඩ යන්නට උදේ පටන්

    ReplyDelete
  18. මල් වගෙ කෙල්ලො ටිකකට හිද විරුද්ධව
    නරි වගෙ කොල්ලො ටික ඇවිදින් සටනකට
    ඔය හැටි දරුණු වන්නට හැකි නම් ඔබට
    මෙන්න යනව අපි සටනින් ඉවතකට

    ReplyDelete
  19. නරි වගෙ නෑනේ අපගේ බොරු හූ කිවිලි
    පුළුවන්නම් පෙන්නන්නකෝ ඔය කියනා වැඩ කැබලි
    හීනෙන්වත් කෙරුවෙ නෑ මලකටනම් හිත රිදිලි
    ඔන්න අපිත් ගියා මෙන්න මගෙන් රස කැවිලි

    ReplyDelete
  20. අනේ නිකන් යන්න සප්නා හීන දකින්නෙපා
    ngo ඕන නැතිය මල් ගැනමයි කතා
    මගේ තනියට බිගුවා ඇවිත් දැන් නැහැ බොරු මුසා
    වත්සලා මොකද හැංගිලා වගේ ඉන්නේ නොරොක් වෙලා

    ReplyDelete
  21. අනේ සප්නා යන්න එපා කදුළු හල හලා
    දුක සිතුනද කිව කතා ගණන් ගන්න එපා
    මගේ තනියට පසනුත් විත් තව මොනාද කතා
    කවි මඩුවේදී හැප්පිලා බලමු පරදින්නට එපා

    ReplyDelete
  22. මෝඩ කොල්ලො ටිකක් එක්ක තර්ක කරන්න
    මට වෙලාව නෑ, තියනව code කරන්න
    හීන තමා හැබෑ වෙන්නෙ, නැද්ද කියන්න
    කවදාවත් ඒක එපා සුළුව තකන්න

    ReplyDelete
  23. මේ, මම සප්නා නෙවේ ස්වප්නා. හරිද? :@

    ReplyDelete
  24. සප්නා මොකද ස්වප්නා මොකද සේරම හීන
    හීන ගොඩක් එක්ක එපා ජිවත් වෙන්න
    කැඩිලා බිදිලා ගියදාකට කදුළු සලන්න
    ඉඩ තියෙනවා ඒක නිසා ඇහෙරලා ඉන්න

    ReplyDelete
  25. කෝඩ් කරනවා කියලා පැන යන්න
    හිතුවා මදියි කොල්ලන් අප රවටන්න
    කෙල්ලො ඉතින් දස්සයිනේ ලනු දෙන්න
    අපිත් එක්ක එහෙම බැරිය ඒ ගැන ඔබ දැන් ගන්න

    ReplyDelete
  26. ලස්සනට පිපෙන්නේ බඹරුන්ට නම්
    සුවඳ විහිදුවන්නේ රොන් දෙන්නට නම්
    නෙළාගෙන ගියොත් මල පර වෙනවා නම්
    නෙළානොගෙන ඉත්තෙම රොන් ගනිමු මචං..


    හිකස්... මොකද කියන්නේ....

    ReplyDelete
  27. සිහින ලොවක ජීවත් වන ස්වප්න නගෝ
    හීන ලොවෙන් බැස ඇවිදින් බලපංකෝ
    බඹරු ඇවිත් මල් වටකරගෙන ඉන්නේ
    පුළුවං නම් මල බේරං දුවපන්නේ....



    කෝ... චියර් එක...

    ReplyDelete
  28. දෙසුවත් ලොකු කථා කෙල්ලන් භය කරන
    කියුවත් වගේ හැමදාමත් ලණුම කන
    කඩුවක් ඇතුව හෝ නැතුවත් පැරදි වන
    කවදා නවතිද බොරු පාට් දාන එක

    ReplyDelete
  29. මලක මෙලෙක දුර ගිය හැටි මනරම්ය
    මලක් නිසා සුපිපුණු කවි අගනේය !!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.